පසුගිය ජනාධිපතිවරණ සමයේ ධීවර වරාය නීතිගත සංස්ථාවේ වීයැයි කියන වංචා සහ දූෂණ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පරීක්ෂණ කටයුතු සඳහා නීතිඥ සහය ලබාගැනීම වෙනුවෙන් රුපියල් එක් ලක්ෂ විසිදහසක වියදමක් සංස්ථාවෙන්ම දැරීමට අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය දී ඇතැයි වාර්තා වේ.
ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ජී.ජී.පී අබේසේකර මහතා වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අමතමින් ලිඛිතව කළ ඉල්ලීමකට අනුව අධ්‍යක්ෂක මණ්ඩලය මෙම අනුමැතිය ලබාදී ඇතැයි පැවසේ.
ජනාධිපති කොමිසම හමුවේ පැවැති සාක්කි විභාගයේදී ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ,නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්දන පැල්පිට ඇතුළු කිහිපදෙනෙක්ම කැඳවනු ලැබූහ.සංස්ථාවේ මූල්‍ය කළමණාකාරිනී සමන්ති පෙරේරා,වැඩ බලන සැපයුම් කළමණාකරු ලක්මිණ මුණිදාස සහ නීති නිලධාරිනී මාලිකා උදයංගනී එහි සාක්කිකරුවෝය.

