ධීවර වරායේ ගින්නෙන් පීඩාවට පත් ධීවරයින්ට කඩිනම් සහන


(මනෝජ් හර්ෂික)
 කළමැටිය ධීවර වරායේ ඇතිවූ ගින්නෙන් විනාශ වූ ධීවර බෝට්ටුවලට සහ පීඩාවට පත් වූ ධීවරයන්ට කඩිනමින් සහන සලසන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අද (26) පැවැසීය.
 
ධීවර වරායේ අද (26)  ඇති වූ ගින්න පිළිබඳව සෙවීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් ද කලමැටිය ප්‍රදේශයට යැවූ බව හෙතම සඳහන් කළේය.
 
එහි  විමර්ශන වාර්තා ලැබුණු වහාම අමාත්‍ය මණ්ඩලයට  දැනුම් දීමෙන් අනතුරුව පීඩාවට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු  සිදු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.