ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින තමිල්නාඩු ධීවරයන් නිදහස්කැර ගැනීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස සෙනසුරාදා රාමේෂ්වරම්හි දී උද්ඝෝෂණයක් පැවති බව ‘‘ද හින්දු“ පුවත් වෙබ් අඩවිය පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ ඉන්දීය ධීවරයන් 14 දෙනකු සිටින බව උද්ඝෝෂකයෝ පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන් නිදහස්කරන්නැයි උපදෙස් දී ඇතත් මෙතෙක් නිදහස්කැර නැතැයි ඔවුහු කියා ඇත.
තමිල්නාඩුවේ දෙමළ මන්නිලා කොංග්‍රසය සහ තමිල්නාඩුවේ රාමේෂ්රම් හි ධීවර පවුල් මේ විරෝධතාව සංවිධානය කැර තිබිණි. ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ ඇති යාත්‍රා සංඛ්‍යාව 80ක් බවත් ඉන් 19ක් අබලන්ව පවතින බවත් උද්ඝෝෂකයෝ කියති.

