ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් ජගත් පී. විජේවීර මහතා අද (18) එහි රාජකාරී කටයුතු ආරම්භ කළේය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ජගත් පී.විජේවීර මහතා මීට පෙර නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබෙන අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව, හා ශ්‍රී ලංකා රේගුව ඇතුළු ආයතන ගණනාවකම තනතුරු හොබවා තිබේ.
(055)


