ධාවන පථය හැදුවේ පුහුණුවීම්වලට නොවෙයි


සුගතදාස ක‍්‍රීඩාංගණයේදී අතිරූ නව කෘති‍්‍රම ධාවන පථයේ කඩතොළුවීමක් හෝ වෙනත් අඩු පාඩුවක් පිළිබඳව පිළිගත් පාර්ශවයකින් පැමිණිල්ලක් ලැබී නැතැයි එහි ඉදිකිරීම් බාරව කටයුතු කළ දේශිය නියෝජිත ආයතනය වන ‘ගහ කොළ ලැන්ඞ් ස්කීපින්’ ආයතනයේ උපදේශක ධර්මසිරි රාහුබද්ධ මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ඔහු එහිදී පැවසුවේ මේ සම්බන්ධයෙන් චෝදනා කරන සමරුන්ට ධාවන පථය පිළිබඳව නිසා වැටහීමක් නොමැති බවයි.
රාහුබද්ධ මහතා මෙසේ ද පැවසීය. ‘‘ධාවන පථය ප‍්‍රමිතියට සකස් කර අවසානයේදී ඊට අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සංගමයේ තත්ත්ව සහතිකය අරගෙන දෙන්නත් අපි කටයුතු කළා. ඉදිකිරීම් කළ ජර්මනියේ ‘ස්ටොක්මියර් උරෙතානෙස්’ ආයතනය ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර කීර්තියක් දිනාගත් මීට පෙර ධාවන පථ කීපයක්ම ඉදිකළ ආයතනයක්’’
දුෂ්කරතා රැුසක් මැද දින 120 කින් එහි කෙටි කාලයකින් අපි සුගතදාස පිටියේ ධාවන පථයේ ඉදිකිරීම් අවසන් කරන්න සමත් වුණා. දැන් ප‍්‍රශ්නය ධාවන පථයේ නඩත්තුව නිසි ලෙස පවත්වා ගෙන යන්නට සමත්ව තිබෙනවා යන්නයි. වෘත්තිය මට්ටමේ ධාවන පථ සකස්කරන්නකුගේ සේවය නඩත්තු කටයුතු සඳහා ලබාගත යුතුය.
‘‘උත්සව අවස්ථාවලදී කම්කරුවන් ධාවන පථය දිගේ යකඩ කණුත් ඇදගෙන යනවා. කඩුලූ පැනීමට යොදා ගන්නා කඩුලූ සකස් කරගන්නෙත් ක‍්‍රීඩකයන් විසින්මයි. ඔවුන් බොහෝ දෙනකුට ධිවන පථය ගැන දැනුමක් නැති කමින් ඊට හානි වියහැකියි’’
‘‘අපිට මේ ගැන කියන්න තියෙන්නේ මේක හැදුවේ තරග තියන්න මිසක් පුහුණුවීම් සඳහා නොවන බවයි. නමුත් දැන් ධාවන පථයේ කරන්නේ පුහුණුවීම්, වෙනත් රටවල පුහුණුවීම් සඳහාම ධාවන පථ අතුරන්නේ තරග පවත්වන ධාවන පථවල නිසි ප‍්‍රමිතිය පවත්වාගෙන යන්න බවයි අප විශ්වාස කරන්නේ’’