ධර්ම යුද්ධය ව්‍යාජ ලෙස විකිණූ සැකකරු රිමාන්ඩ්


(ටෝනි කරුණානායක)

නිසි අවසරයකින් තොරව ‘ධර්ම යුද්ධය‘ සිනමා පටය ව්‍යාජ ලෙස සංයුක්ත තැටිවලට ඇතුළත් කර අලෙවිකළ වෙළඳසල් හිමියකු ලබන 13වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද(11) නියෝග කළාය.

කටුනායක කෝවිත්ත ප්‍රදේශයේ සංයුක්ත තැටි අලෙවිකරන වෙළඳසලක් පවත්වාගෙන යන මල්ලිකා අප්පුහාමිලාගේ නිලන්ත නමැත්තා එසේ රිමාන්ඩ් කෙරුණු අතර සැකකරු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කළ සංයුක්ත තැටි 12ක්, ලේබල් 11ක් සහ කවර 11ක් කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එම චිත්‍රපටය නීත්‍යනුකූල ලෙස පිටපත් කර විකිණීමට අවසර ලබා ඇති ඉඳුරාන ලියනගේ රුක්මන් සමන්ප්‍රිය නමැත්තා කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.