දෝෂාභියෝගයට පක්ෂව පෙළපාලිවලින් ආ පිරිස් අත දෙකේ දෙකේ පොළුවල බැඳි විරෝධතා පුවරු දක්නට ලැබිණි.
ඔවුහු අගවිනිසුරුවරියට එරෙහිව සටන් පාඨ කීහ.
විටක හූ තැබූහ. විටක කෑකෝ ගැසූහ.
එස් ටී එෆ් පොලිස් කැරළිමර්දන හමුදා හා පොලීසිය ආරක්ෂාවට කැඳවා ඇත.
දෝෂාභියෝගයට එරෙහි නීතීඥවරු ඇතුළු පිරිසක් අධිකරණ භූමියේ රැඳී සිටිති.

