පාර්ලිමේන්තුවේ පැවැත්වෙන දෝෂාභියෝග විවාදයට පක්ෂව දහස් ගණනක සෙනඟක් අලුත්කඩේ උසාවි භූමියට අද උදේ සිට රැස්වෙමින් සිටිති.
රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසළ පෙදෙස ඔවුන්ගෙන් පිරී ගොසිනි.
දෝෂාභියෝගයට එරෙහිව අලුත් කඩේ නීතීඥවරුන් ද විරෝධතා පෙළපාලියක් පවත්වන බව කළින් ප්‍රකාශ කර තිබේ.

