දෝෂාභියෝගය මැතිසබේට පමණක් සීමා කරන්න
ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝශාභියෝග ප්‍රශ්නය පාර්ලිමේන්තුවට පමණක් සීමා කරන්නැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
‘අධිකරණය සමග ගැටුමක් ඇතිකර ගත යුතු නැහැ. ඒ නිසයි මා එම යෝජනාව කරන්නේ. අධිකරණයේ ස්වාධීනත්වයට අපි ගරු කරනවා නම් කළ යුතු ක්‍රියා මාර්ගය එයයි. විනිශ්චකාරවරුන්ගේ ක්‍රියා කලාපය ගැන ප්‍රශ්න කරනවා. මාධ්‍ය මගින් විවේචන කරනවා. එවැනි විවේචන නතර කළ යුතුයි. අගවිනිසරුවරිය ගැනත් නොයෙකුත් කතා පතුරවනවා. එයින් සිදුවන්නේ ගැටුම් වැඩිවීම පමණයි. මෙවැනි දේ පළ කිරීමෙන් මාධ්‍ය වැළකිය යුතුයි. මාධ්‍යයට එසේ ඒවා පළ නොකරන ලෙස උපදෙස් දිය යුතුයි.‘
කතානායක චමල් රාජපක්ෂ මහතා -
‘පත්තර වලටත් සදාචාරයක් තිබිය යුතුයි. ‘

