දොළොස්දාහක බිලටත් මන්ත්‍රී ජගත් කුමාරගේ ලයිට් කපලා


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කිසිදු දැනුම් දීමකින් තොරව තමාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇති බව  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි  මහතා  පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

තමාට ගෙවීමට තිබුණේ රුපියල් දොළොස්දාහක බිලක් පමණක් බව පැවසූ මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයෙකුගේ නිවසේ විදුලිය දැනුම් දීමකින් තොරව විසන්ධි කරන්නේ නම් සාමාන්‍ය ජනතාවගේ නිවෙස් වල විදුලිය  විසන්ධි කරන ආකාරය සිතාගත හැකි  බවද ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් තමා කණගාටුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන  විජේසේකර මහතා පැවසීය