දොළොස් මහේ පහනත් ශ්‍රී පාදයට ගුවනින්


ශ්‍රී පාදස්ථානයේ අලුත් දොළොස් මහේ පහන හා ඝණ්ඨාරයද ආවාස ගෙයක් තැනීම සදහා උපකරණ ද අඩංගු කිලෝ විසිදාහක් අද සිට ලබන පස් වැනිදා දක්වා එම් අයි 17 හෙලිකොප්ටරයක ආධාරයෙන් මහ මළුවට රැගෙන යාම ඇරැඹිණි.

නල්ලතන්නිය ලක්ෂපාන ක්‍රීඩාංගණයේ සිට  මහ මළුව දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ගුවන් හමුදා වින් කමාන්ඩර්  එම් ඒ එස් කේ මහීපාලගේ නායකත්වයෙන් 50 ක පමණ බළ ඇණියක් එහි කඳවුරු ලා සිටි.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන හෙයින් ලබන 5 වැනිදා තෙක් උදේ 6 සිට සවස 6 දක්වා ශ්‍රී පාදය කරුණා නොකරන ලෙසත් රාත්‍රී කාලයට කරුණා කරන ලෙසත් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ ඉල්ලීමක් කරති.

මීදුම  පවතින අවස්ථා මඟහැර වරකට කිලෝ දහසක් දෙදහසක් පමණ දැල් පැසක එල්ලාගෙන මහමළුවට රැගෙන යන බව ගුවන් හමුදාව කියයි.

  

\