දොස්තරට මාධ්‍යවේදියාට සම්මාන


කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙත් සවිය පදනම සංවිධානය කළ මෛත්‍රී භූෂණ උපහාර උළෙල හා සංවත්සර සැමරුම අද (5) කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්ම ගවේෂී බෞද්ධාශ්‍රම ශාලාවේදී පැවැත්විණි.

ප්‍රධාන ආරාධිතයා වශයෙන් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගීවූ අතර එහිදී ජනමාධ්‍ය සේවය අගයමින් ලංකාදීප පත්‍රයේ හා ලංකාදීප වෙබ් අඩවියේ නිදහස් මාධ්‍යවේදී විශ්ව ගැමුණු ප්‍රියංකර මහතා ජනමාධ්‍ය ප්‍රසාධන හා  වෛද්‍ය වෘත්තීයේ සේවය අගයමින් වෛද්‍ය රුක්ෂානා විනූපිකා  හේතුමුනි ද සිල්වා මහත්මිය අහිංසා සාධනී ගෞරව නාම වලින් පිදුම් ලැබූහ.

අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක ත්‍රිකුණාමලේ ආනන්ද නාහිමි හා එහි අධිකරණ සංඝනායක අහංගම ආනන්ද නාහිමියෝද අනුශාසකත්වය දරමින් වැඩසටහනට එක්වූහ.

DSC02616 DSC02618 DSC02620 DSC02629 DSC02630 DSC02631 DSC02647

DSC02649DSC02664 DSC02667 DSC02670 DSC02673 DSC02675 DSC02677 DSC02678 DSC02696 DSC02703 DSC02707 DSC02716 DSC02728 DSC02731

ඡායාරූප - අකිල බද්දෙවිතාන