දොස්තර සමන්මලීට දහ අට කෝටියක වන්දි


කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශනයක් බැලීමට ගොස් එහි අවාරණයක් කඩා වැටී සදා කාලික අංගවිකල තත්ත්වයට පත් වූ වෛද්‍ය ශිෂ්‍ය සමිතා සමන්මලීට (දැන් වෛද්‍යවරියකි) රුපියල් දහ අට කෝටියක වන්දි ගෙවන ලෙස කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට නියෝග කළේය.

දොස්තර සමන්මලීගේ ඉදිරි වෛද්‍ය වියදම් වෙනුවෙන් රුපියල් කේටි 11ක් ද, ඇගේ ඉදිරි ආදායම අහිමි වීමේ වන්දිය ලෙස රුපියල් කෝටි පහක් ද, ඇයට ඇති වූ චිත්ත පීඩාව හා වේදනාව වෙනුවෙන් රුපියල් දෙකෝටියක් ද ගෙවන ලෙසත්, 2009 ඔක්තෝබර 16 වැනි දා සිට පොලිය ද සමඟ වන්දි ගෙවිය යුතු බවත් දිසාවිනිසුරු හෙට්ටිආරච්චි මහතා නියෝග කළේය.

නඩුව අවසානයේ දී දොස්තර සමිතා පැවසුවේ ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ, ජී ජී අරුල් ප්‍රගාසම්, විසුරද ලිවේරා තෙන්නකෝන්, නිලන්ත කුමාරගේ, රංජිත් හතුරුසිංහ තමන අයිතිවාසිකම් වෙනුවෙන් ගරු සේවයක් කළ බවයි.

IMG_5621 IMG_5628

DSC_0840 DSC_0887 DSC_0895

වීඩියෝ සහ ඡායාරූප ශාන්ත රත්නායක

සබැඳි පුවත්

දොස්තර සමිතා සමන්මලී වන්දි නඩුවට එයි

වෙද සිසුවියගේ වන්දි නඩුව කල් යයි