රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයෙන් තේරී පත් වූ සියලු නිලධරයන් තනතුරුවල රාජකාරි කිරීම වළක්වමින් ගල්කිස්ස දිසා විනිසුරු ගිහාන් රණවක මහතා අතුරු තහනමක් නිකුත් කළේය.
අධිකරණ තහනමක් පනවා තිබිය දී නිලවරණය පැවැත්වීමෙන් උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සභාපති ඇතුළු නිලවරණ කමිටුව අධිකරණයට කැඳවීමට ද නියෝග කැරිණි.

