දොස්තර වැරැදි තැන් අල්ලලා


අතේ අමාරුවකට බෙහෙත් ගැනීමට කොල්ලුපිටියේ  පෞද්ගලික රෝහලකට ගිය විට එහි දොස්තර හෙදියක් ද නොමැතිව නුසුදුසු විදියට තමා අතපත ගෑ බවත් දොස්තර එසේ කෙළේ ඇයි දැයි තේරුම් ගත නොහැකි බවත් කොළඹ ඇමෙරිකා තානාපති කාර්යාලයයේ සේවිකාවක කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කියා සිටියාය. දොස්තරගේ කටඋත්තර තවම ලියා නොගත් බව පොලිසිය කීවේය. පැමිණිල්ල ලබන පෙබරවාරි හය වැනි දා කල් තැබූ මහේස්ත්‍රාත්වරිය පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.