දොස්තර වර්ජනයේ වාරණයක්
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අඟහරුවාදා (4) පැවැත්වීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවමින් කොළඹ දිසාවිනිසුරු රංජිත් එම්. වතුගම මහතා අද අතුරුතහනමක් පැනැවීය. රෝගියකු වන නුගේගොඩ මිරිහානේ ජුලියානා දහනායක මහත්මියගේ පෙත්සමක් සලකා බැලූ විනිසුරු එම වාරණය නිකුත් කෙළේය.

