දොස්තර වර්ජනයේ අතුරු තහනම දික් වෙයි


රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ යෝජිත වැඩ වර්ජනය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය දුන් අතුරු තහනම ඔක්තෝබර් 31 වැනි දා තෙක් දීර්ඝ කළ රංජිත් එන්. වතුපොළ දිසා විනිසුරු විරෝධතා ඇත්නම් එදිනට හෝ ඊට පෙර ගොනු කරන ලෙස නියෝග කෙළේය. ළය පීඩාවකින් පෙළෙන ජුලියානා දහනායක නම් මිරිහානේ කතක මේ තහනම පතමින් සිය නීතිඥ චන්දන පෙරේරා මහතා මඟින් අධිකරණයට කියා සිටියේ තමාට ප‍්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හ තමා අතර වලංගු ගිවිසුමක් ඇති හෙයින් දොස්තර වැඩ වර්ජනයකින්තමාට හා සෙසු රෝගීනට පිරිමැසිය නොහැකි හානියක් සිදුවන බවයි. එමෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි මාර්ගෝපදේශනය හා ආචාර ධර්ම හා හිපොක‍්‍රටිස් ප‍්‍රතිඥාව අනුව ක‍්‍රියා කිරීමට වෛද්‍යවරුන් බැඳී සිටින හෙයින් වර්ජනය ඔවුනට ඇකැප බවත් ඇය කියන්නීය. සමරසේන ඇසෝසියෙට්ස් නීතිඥ සමාගම වෛද්‍ය සංගමය වෙනුවෙන් පෙනී සිටියි.