දොස්තර පවුල මරන්න තව දොස්තරෙක් හදලා


සෙවනගල රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි නිල නිවසේ ජල ටැංකියට වස දමා ඔහු ද ඔහුගේ දරු පවුල ද ක‍්‍රමයෙන් මරා දැමීමට තවත් වෛද්‍යවරයකුගේ සැලැස්ම මත ක‍්‍රියා කළැයි සැකපිට එම රෝහලේ සුළු සේවකයකු වන ඇන්.ඒ. නිමල් රංජිත් ලබන නව වැනි දා තෙක් ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් පී. ආර්. එස්. ජිනදාස මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබීය. ප‍්‍රධාන වෛද්‍ය චාමින්ද විතාරණ කියනුයේ තම දරු දෙදෙනා ද දරුවකු ලැබීමට සිටින බිරිය ද, තමා ද වරින් වර අසනීප වූ බවයි. ‘‘මට අවශ්‍ය එම වස දුන් අයට දඬුවම් කිරීම නොවෙයි. මටත් මගේ දරුවන්ටත් හැදුණු ලෙඩ සුවපත් කර ගැනීමයි.’’