දොස්තර ඝාතන අවි රස පරීක්‍ෂකට


කරන්දෙණිය දිසා රෝහලේ දොස්තර පි‍්‍රයංක ප‍්‍රසාද් ජයසිංහ ඝාතනයට යොදා ගත් බව කියන ටී-56 අවි දෙක, උණ්ඩ හා පතුරෝම් හැට රජයේ රස පරීක්‍ෂකට යවන්නැයි බලපිටිය මහේස්ත‍්‍රාත් එන්.ටී.අයි. අබේගුණසේකර මහත්මිය රහස් පොලිසියට නියෝග කළාය. කරන්දෙණිය බොරකන්ද වෛද්‍ය මධ්‍යස්ථානයේ හිමිකරු කේ.ජී. චින්තක රුවන් ජයසේන, හමුදා කපිතාන් වයි.ජී. චන්දන වික‍්‍රමසිංහ, කෝප‍්‍රල්වරුන් වන එස්. ජයලත් ද සිල්වා, එස්. ශාන්ත ද සිල්වා හා මීටියාගොඩ ඞී. විජිත් ආනන්ද සැකකරුවන් දැඩි රැකවල් මැද සිව්වැනි වරටත් අධිකරණ ශාලාවට රැගෙන ආ අවස්ථාවේ එහි සිටි තරුණියෝ කිහිප දෙනෙක් ඔවුනට බැණ ශාප කරන්නට වූහ. එළියට යන ලෙස ඔවුනට නියෝග කිරීමෙන් පසුව හඬා වැටෙමින් ඔවුහු අධිකරණ ශාලාවෙන් පිටවී ගියහ. දෙසැම්බර් 16 වැනිදා තෙක් ඔවුහු රිමාන්ඞ් කරනු ලැබූහ.