දොස්තර ගැටේට අසුනොවේ


වෘත්තීය ඊර්ෂ්‍යාව මත බණ්ඩාරවෙල රෝහලේ වෛද්‍යවරයකු ස්ත්‍රී දූෂණ නඩුවකට පැටලවීමට ගත් උත්සාහයක් එම ස්ත්‍රිය විසින් හෙළි කරනු ලැබීමෙන් පසුව දෙදෙනෙක් ඇල්ල පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබිණි.

රුපියල් දෙලක්ෂයක කොන්ත්‍රාත්තුවක් මත මෙම සැලැස්ම බාරදුන් පුද්ගලයා හා තවත් අයකු සොයන බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

අපරාධ ඉතිහාසයක් ඇති බව කියන දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත. එම දෙදෙනා මාතර දික්වැල්ලේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

දික්වැල්ලේම 30 හැවිරිදි දෙදරු මවක මේ සඳහා යොදා ගෙන ඇතත් ඇය දොස්තරට කාරණය පැවසීමෙන් පසු පොලිසියේ උපදෙස් අනුව දොස්තර ක්‍රියාකර ඇත.

දොස්තරගේ තරහකරුවාගේ සැලැස්ම වී ඇත්තේ දොස්තර හා දෙදරු මව කිසියම් උපක්‍රමයකින් ඇල්ලේ හෝටලයකට රැගෙන යාමයි. දොස්තර එම සැලැස්මට අසුවූ බව පෙන්වමින් කාන්තාව සමග හෝටලයට පැමිණි බවත් දැන් තමා රැගෙන යාමට එන ලෙස කොන්ත්‍රාත්තුව බාර දෙදෙනාට දුරකථනයෙන් දන්වා ඇත. මේ අනුව සැකකරුවන් දෙදෙනා හෝටලයට පැමිණි අවස්ථාවේ අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.