දොඩන්දුව කරාටේ ශුරයා


( දොඩන්දූව - සංඛ විජේසූරිය ) -  හික්කඩුව ජයන්ති ආදර්ශ විද්‍යාලයේ හතරවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අයි.ඩී.පවන් නිලම්බර ශිෂ්‍යයා මෙවර දකුණු පළාත් පාසල් කරාටේ ශූරයා වශයෙන් තේරී පත්විය.

 දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වයස අවුරුදු 12 න් පහළ සිසුන් සදහා පැවැති කරාටේ තරගාවලියේදී පාසල් විසිහතරක සිසු-සිසුවියන් පරාජය කරමින් පවන් නිලම්බර පළමු ස්ථානය හිමිකරගෙන රන් පදක්කම දිනාගත්තේය.

මීට ප්‍රථම සහභාගී වූ තරග 20 කින් පමණ විවිධ ඉසව් වලින් කරාටේ ක්‍රීඩාවෙන් ජයග්‍රහණය ලබා ඇති පවන් 2012 වසරේ තිස්සමහාරාමයේ පැවැති දකුණු ආසියානු කරාටේ තරගාවලියේදී තෙවැනි ස්ථානය හිමිකරගනිමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්විය.