දොඩංදෙණියේ හිමිට සෙත්පතා හෙට පිංකම්


පිලිස්සුම් තුවාල ලබා ඉතාලියේ   පීසා මහා රෝහලේ දැඩි සත්කාර  ඒකකයේ ප‍්‍රතිකාර ලබන පිරෙන්සි සමාධි විහාරාධිපති දොඩංදෙනියේ නන්දසිරි හිමියන්ට ඉක්මන් සුවය පතා ආශිර්වාද පුජාවක් හෙට ඉරිදා සවස හයට (23) ඉතාලියේ පිහිටි සෑම  විහාරස්ථානයකම පැවැත්වෙන බව රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙනියේ ධර්මාරාම හිමියෝ කියති.