දොඩංගොඩ අයවැය පරාදයි


(බන්දු තඹවිට)

දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂයට සභාපතිවරයා ඉදිරිපත් කළ මංගල අයවැය වැඩි ඡන්ද  එකකින් අද පරාජයට පත්විය.

දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති නිලූෂ කවිරත්න ද සිල්වා මහතා මංගල අයවැය මාසික සභා රැස්වීමට සභාවට ඉදිරිපත් කළේය.

එම අයවැයට පක්ෂව දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ බලය හිමි ජාතික ජනබල වේගයේ මන්ත්‍රීවරුන් 12 දෙනා ඡන්දය ප්‍රකාශ කළ අතර එම ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂය නියෝජනය කරන සමගි ජනබලවේගය ,පොදුජන පෙරමුණ ,ස්වාධීන කණ්ඩායම ,ජාතික නිදහස් පෙරමුණ ,සර්වජන බලය ,සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.