දෛනික ආසාදිතයෝ 1600 ඉක්මවති


(ඩයනා උදයංගනී)

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 714 දෙනකු අද (30) දිනයේ හඳුනාගෙන ඇත.

ඒ අනුව දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1636 ක් දක්වා ඉහළ ගිය අතර  කොවිඩ් ආසාදිත තවත් 11 දෙනකුගේ මරණ අද (30) වාර්තාවිය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 678 ක් දක්වා ඉහළ ‍ගියේය.

පිළියන්දල ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවක, දෙහිඅත්තකණ්ඩිය පදිංචි 76 හැවිරිදි පිරිමි අයකු, මාතලේ ප්‍රදේශයේ 67 හැවිරිදි කාන්තාවක, කළුතර පදිංචි 82 හැවිරිදි පිරිමි අයකු, වත්තල ප්‍රදෙශයේ 53 හැවිරිදි පිරිමි අයකු, දිවුලපිටියේ 51 හැවිරිදි පිරිමි අයකු, පැපිලියාවල 77 හැවිරිදි අයකු, අනුරාධපුරයේ 64 හැවිරිදි කාන්තාවක, කොළඹ් 14 පදිංචි 94 හැවිරිදි පිරිමි අයකු, පරගස්තොට 65 හැවිරිදි පිරිමිඅයකු සහ කැලණියේ 46 හැවිරිදි කාන්තාවක මෙලෙස මියගොස් ඇත. 

කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 108,120ක් දක්වා ඉහළගොස් තිබේ.