දේශීය යාන්ත්‍රණයට ජපාන සහාය


යුද අපරාධ හා මානව හිමිකම් ගැන විශාරදයකු වන ජපන් රජයේ විශේෂ නියෝජිත මොටෝ නොගුචි රනිල් වික්‍රමසිංහ අගමැති අරලියගහ මන්දිරයේදී අද හමුවිය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේද අනුදැනුම ඇතිව ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේය. ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම ගැන ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා ඔහු පැමිණි බව අගමැතිවරයාට පවසා ඇත.

කම්පුචියාවේ යුද අපරාධ පිළිබඳ නඩු මෙහෙයවූ නොගුචි මහින්ද රාජපක්ෂ රජය සමයේද මැක්ස්වෙල් පරණගම කොමිසමට උපදෙස් දීමට පැමිණියේය.