දේශීය චිත්‍රපට නිෂ්පාදනයට බදු සහන



(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
 

දේශීය චිත්‍රපට නිෂ්පාදනය සඳහා බදු සහන ලබාදීමට කටයුතු කරන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද(06) පැවසීය.
 
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනෙක ස්ථාවර නියෝග 27/2 යටතේ අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
 
චිත්‍රපට නිෂ්පාදනය සඳහා නව තාක්ෂණ උපකරණ ගෙන්වීමට බදු සහන ලබාදෙන බව කී ඇමතිවරයා ‘ඊ - ටිකටින්’ ක්‍රමය සිනමා ශාලා සඳහා හඳුන්වාදීමට පියවර ගන්නා බවද කීය.