
(යොහාන් භාසුර සහ ශ්‍රීනාත් ප්‍රසන්න)
බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා අද පස්වරුවේ වැඩබලන බලන පොලිස්පති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




