දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික  වීරරත්න)

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ  කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක් ලබාදී ඇත.එම කමිටු සාමාජිකයන් එහි සිට සිය විමර්ශන කටයුතු මෙහෙයවීමට නියමිතය.

මේ අතර ත්‍රිපුද්ගල කමිටුව විමර්ශන කටයුතු සැලසුම් කිරීම සඳහා අද(25) නැවතත් රැස්වීමට නියමිතය. මෙම කමිටුව පෙරේදා (23) පළමුවරට රැස්විය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු නීල් ඉද්දවල  සහ  ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක  යන මහත්වරු කටයුතු කරති.

කොමිසම  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන කිරීමෙන් අනතුරුව එහි අවසන් විමර්ශන වාර්තාව කතානායකවරයාට භාරදීමට නියමිතය. පොලිස්පතිවරයා නෙරපා  හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඉන් අනතුරුවය.