(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාල අසල සාමකාමි විරෝධතාකරුවන්ට ඉකුත් (9) දින පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 8 1/2 ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඊයේ (17) පස්වරු 4.00 ට පමණ ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අතර අද මධ්‍යම රාත්‍රී 12.30 දක්වා මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර ඇත.