(සුජිත් හේවාජුලිගේ )
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ අද(13) පෙරවරුවේ පෙනී සිටියේය.
ඔහු එම කොමිසම හමුවේ පෙනී සිටියේ එයින් කෙරුණු දැනුම්දීමක් අනුවය.
අරලියගහ මන්දිරය අවට ප්‍රදේශයේ පසුගිය 9 වැනිදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මෙසේ කැඳවා තිබිණ.
තෙන්නකෝන් මහතා අද පෙරවරු 10.00 ට පමණ එම කොමිසම හමුවට පැමිණියේය.
එම ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පතිවරයා සහ යුද හමුදාපතිවරයාද එම කොමිෂන් සභාව හමුවට පෙරේදා කැඳවනු ලැබුහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)