දේශපාලනඥයා අගයමින් පාසල්වලින් බැනරයක්


තරිඳු ජයවර්ධන

දකුණු පළාතේ දේශපාලනඥයකුට උපහාරයක් පුද කිරීමේ සිද්ධියක් පාදක කරගෙන සෑම පාසලකම එම දේශපාලනඥයාට උපකාහර පුද කිරීමට රුපියල් 4000ක වියදමින් බැනරයක් ප්‍රදර්ශනය කිරීමට උපදෙස් දී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

එකම ආකාරයකට එම බැනරය මුද්‍රණය කරන ලෙස ඇතැම් කලාපවලට උපදෙස් දී ඇතැයි ද, ඇතැම් කලාපවල ඒ සඳහා පෞද්ගලික ආයතන නම් කර ඇතැයි ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

දේශපාලනඥයාගේ ඡායාරූපයක් ද එම බැනරයට අතුළත් කරන ලෙස බලධාරීන් උපදෙස් දී ඇතැයි කියන ස්ටාලින් මහතා මේ සියල්ල ලිඛිත උපදෙස් නොවන බවත්, පාසල් සංවර්ධන සමිති මුදල් වලින් මෙවැනි බැනර මුද්‍රණය කිරීම වැරදි නිසා විදුහල්පතිවරුන් අපහසුතාවට පත්ව ඇති බවත් ස්ටාලින් මහතා කීවේය.

මෙම නීති විරෝධී නියෝගය වහාම අත්හිටැවිය යුතු බව ද ඔහු සඳහන් කළේය.