දේශපාලනඥයන්ට ගිනිඅවි බලපත්‍ර 30 ක් අලුතින් නිකුත් කරයි



 
 
(සුජිත් හේවාජුලිගේ)
 
දේශපාලනඥයන් සඳහා ගිනිඅවි බලපත්‍ර 30ක් ගිය වසරේ අලුතින් නිකුත් කර ඇතැයි  රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පවසයි.


මහජන නියෝජිතයන් ගිනිඅවි බලපත්‍ර 71 ගිය වසරේදී අලුත් කරගෙන ඇතැයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම කාර්ය සාධන වාර්තාවේ දැක්වෙයි.


මේ අතර දේපළ හා ජිවිත ආරක්ෂාව සඳහා ගිනිඅවි ඉල්ලීම් 78 කටද රාජ්‍ය පෞද්ගලික ආයතනවල ආරක්ෂාව සඳහා අවි ඉල්ලීම් තුනකටද වගා ආරක්ෂාව සඳහා ගිනිඅවි ඉල්ලීම් 117 කට ද ක්‍රීඩා කටයුතු සඳහා අවි ඉල්ලීම් 9 කට ද ආරක්ෂක අමාත්‍යංශය ගිය වසරේ දී අවසර දී ඇතැයි එම වාර්තාව සඳහන් කරයි.