දේශපාලන මඩ ආ හැටි ඇමැති කියයි


මිනීමරුවනට හෝ ඊට සහාය දෙන අයට තමාගෙන් නිදහසක් බුරුලක් නොලැබෙන බවත්, කොටකෙතන ඝාතනයේ සැකකරුවකු වන ගොඩකවෙල ප්‍රා සභා මන්ත්‍රී එල් එච් ධර්මසිරි ඇප ලැබුවත් යළි තම කාර්ය මණ්ඩලයට බඳවා නොගන්නා බවත් රාජ්‍ය පරිපාලන ඇමැති ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා කොටකෙතන පාසලේ දරුවනට පොත් පත් බෙදා දීමේ උත්සවයකදී ප්‍රකාශ කළේය.

නයනා නිල්මිණී හා කවින්ද්‍යා චතුරංගි ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ධර්මසිරි ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් විය.

පාසලේ සිසුහු 98 දෙනාම පොත්පත් ඇතුළු පාසල් උපකරණ ලදහ.

පොලිස් නිලධරයකුගේ මාරුවීමක් සම්බන්ධයෙන් ද තමාට චෝදනා කළ නමුත් ඒ කලායේ තමා රටේවත් නොසිටි බවත් ඇමැති කීවේය.

කොටකෙතන ආරක්ෂාව බාරව සිටින පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා ගැන ගමේ වැසියන්ගේ විශ්වාසයක් ඇතැයි ද ඇමැති කීවේය.

‘දේශපාලන අරමුණු ඇති කිහිප දෙනකු මට මඩ ගහනවා. මම වැරදිවලට අනුබල දෙන දේශපාලනඥයෙක් නොවෙමි. අපේ හත්මුතු පරංපරාවේ කිසිවකුත් නොකළ දේවලටත් මට මඩ ගහනවා. ‘