දේශපාලන බලෙන් පතලක් කපයි


දකුණේ දේශපාලනඥයකුගේ හිතවතකු බව කියන ධනවත් ව්‍යාපාරිකයකු ඇඹිලිපිටිය සෙවනගල වැලිආර සමගිපුර අනවසරයෙන් පවත්වාගෙන ගිය බව කියන මැණික් පතලක්   මැණික් හා ස්වර්ණාබරණ අධිකාරිය අද වැටලීය.

සැකකරුවන් තිදෙනකු සමග එක්ස්කැවේටරයක් හා උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ එක හමාරක දඩයක් ද නියම කළේය.

රජයේ ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම් හිමිනමක් ඔවුන් මුදා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූ පසු දඩය ගෙවූ බවත්, ඉන් පසු උපකරණ හා සැකකරුවන් මුදා හළ බවත් අධිකාරිය පවසයි.

කොළඹ විශේෂ වැටලීම් ඒකකයේ ක්‍රියාත්මක කිරීමේ නිලධාරී ඉඳුනිල් මුතුකුමාර, ආරක්ෂක නිලධාරීන්වන පී ඒ ඇන්ඩෘසන්, පී එස් එල් මහේෂ්, වී ඒ චන්ද්‍රසිරි යන නිලධාරීහු ද උඩවලව පොලිස් විශේෂ බලකා කඳවුරේ උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් ඩී එම් සමරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් ද මෙම වැටලීමට එක්ව සිටියහ.