( නිමල කොඩිතුවක්කු)
මෙතෙක් විසඳුම් ලැබී නොමැති දේශපාලන පලිගැනීමට ලක් වුවන් සඳහා වහා විසඳුම් ලබා දීමට කටයුතු කරන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නියෝග කර තිබේ.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආර්ථික කටයුතු වලට සම්බන්ධ අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවකදී මෙම පියවර ගත් බව ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.
ඒ අනුව දේශපාලන පලිගැනීම් වලට ලක්ව විසඳුම් ලැබී නොමැති පිරිස් සදහා ඉතා කෙටි කාල සීමාවක් තුල විසදුම් ලබා දෙන ලෙසද අග‍්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරයා සදහන් කරයි.
මෙම වැඩපිළිවෙල පිළිබඳ නිරන්තර අධීක්ෂණයක් සහ ප‍්‍රගති සමාලෝචනයක් සිදු කරන ලෙසද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී උපදෙස් ලබාදී තිබේ.