දේශපාලන පක්ෂ 4 ක් - ස්වාධීන කණ්ඩායම් 5 ක් නාම යෝජනා බාර දෙති


(රංජන් කස්තුරි)

මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා අද (13) වනවිට දේශපාලන පක්ෂ 4 ක් සහ ස්වාධීන කණ්ඩායම් 5 ක් නාම යෝජනා බාර දී තිබේ.

ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය කළුතර දිස්ත්‍රික්කයට සහ ගාල්ල දිස්ත්‍රික්කයටත් , ජන සෙත පෙරමුණ යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක වලටත් නාම යෝජනා ලබාදී ඇත.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයට අමිත් වීරසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායමක්ද , මාතලේ දිස්ත්‍රික්කයට චමින්ද සංජීව මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද , යාපනය දිස්ත්‍රික්කයට ආල්වාප්පිල්ලයි කුරුකලන් මහතාගේ නායකත්වයෙන් කණ්ඩායමක්ද , පුත්තලම දිස්ත්‍රික්කයට හියුබට් රංජිත් ප්‍රනාන්දු මහතාගේ නායකත්වයෙන් කණ්ඩායමක් සහ බදුල්ල දිස්ත්‍රික්කයට දේව්‍යලාගේ නන්දසිරි මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ද නාමයෝජනා බාරදී තිබේ.