දේපොළ අරෝවට හෝටල හිමියා මරලා?


බියගම විලේජ් අයිතිකරු රත්නායක මහතා මරා දමන්නට ඇත්තේ දේපොල ප‍්‍රශ්නයක් නිසා කොන්ත‍්‍රාත්තුවක් මත විය හැකියැයි පොලිසිය සැක කරයි. ප‍්‍රදේශයේ ජනප‍්‍රිය පුද්ගලයකුවූ ඔහුගේ දියණිය බියගම විලේජ් හෝටලය පාලනය කරයි. ඔහුට තරුණ පුතෙක්ද සිටී. ඉතා අමානුෂික අන්දමින් ඔහු මරා දමාතිබිණි. ඝාතනය දුටු තරුණියක පස්සේද හඹාගිය ඝාතකයා ඇයටද තුවාල කැර ඇත.