දේපල විනාශයට පියවර නොගත්තැයි පොලිස්පතිට දොස්


(අජන්ත කුමාර අගලකඩ)

රටපුරා පසුගියදා ඇතිවූ ගෙවල් ගිනි තැබීම හා දේපල විනාශ කිරීම් පාලනය කිරීම සදහා ක්‍රියාත්මක නොවූ බව කියමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පොලිසියට දැඩි විවේචනයක් එල්ල කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (14) රැස් වූ අවස්ථාවේදී ඔවුන් මෙම විවේචනය එල්ල කර ඇත .

එම රැස්වීමට පොලිස්පතිවරයාද කැඳවා ඇති අතර පොලිස්පතිවරයා ඉදිරියේද මන්ත්‍රීවරුන් මෙම විවේචනය එල්ල කිරීමද විශේෂත්වයකි.

ගෙවල් ගිනිතැබීම් හා වාහන වලට හානි කිරීම්  සිදුවෙද්දී  එය පාලනය කිරීමට පොලිසිය ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයක් නොගත් බවද ඔවුන් පෙන්වා දී ඇත.