දේශපාලනඥයාගේ රියේ ගැටුණු යතුරුපැදිකරු බරපතල තත්ත්වයක


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම කලුතර මාර්ගයේ සංචාරක මහෙස්ත්‍රාත් අධීකරණය ඉදිරිපිටදී  දකුණු පලාතේ ප්‍රබල දේශපාලනඥයකුට අයත් සුඛෝපභෝගී මෝටර් රියක් හා යතුරු පැදියක් එකිනෙක ගැටී මොරටු විශ්ව විද්‍යාලයේ  විද්‍යාගාර  සහායකවරයකු  බරපතල තුවාල ලබා  පානදුර මුලික රෝහලට ඇතුළු කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.

බණ්ඩාරගම සිට කලුතර  දෙසට ධාවනය වෙමින් තිබු  මෙම මෝටර් රිය  මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි  යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදු වී තිබේ.

අනතුර සිදු අවස්ථාවේදී  මෝටර් රථයේ රියදුරු ඇතුළු තිදෙනෙකු පළා යාමට කළ උත්සාහයේදී  ප්‍රදේශවාසින් ඔවුන් අල්ලා පොලීසියට බාර දී තිබේ.