රේඛා තරංගනී ෆොන්සේකා
පාසැල් නිවාඩු සමය ආරම්භ වීමත් සමග දිවා රෑ දෙකෙහිම දෙහිවල සත්වෝද්‍යානයට පැමිණෙන නරඹන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා දිනෙක ආදායම ලක්ෂ දොළහකින් වැඩි වී ඇතැයි දෙහිවල සත්වොද්‍යාන ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවේ සාමාන්‍ය දිනකදී ආදායම රැපියල් ලක්ෂයත් දෙකත් අතර වන බවත් පාසැල් නිවාඩු සමයේ එය ලක්ෂ දාහතරක් ලෙස වැඩි වීමක් ඇති බවත්ය.





