දෙහිවල පාතාලයා අතුරුදන්


දෙහිවල ප‍්‍රබල පාතාල සාමාජිකයකු අඟහරුවාදා රාත‍්‍රියේ සිට අතුරුදන් වී ඇතැයි දෙහිවල පොලිසිය කියයි. 43 හැවිරිදි මොහු දෙහිවල සුපිරි වෙළෙඳ හලක් අසලදී වෑන් රියකට දමාගෙන ගිය බව කියති. දෙහිවල ප‍්‍රධාන පෙලේ කප්පම් කරුවකු වූ ඔහු අතින් දෙශපාලනඥයන්, මස්කඩ හා තෙල්පිරවුම් හල් හිමියන් පමණක් නොව ගැබිනියක වූ ඔහුගේ නෑනාද මිය ගිය බවට තොරතුරු ලැබී අතැයි පොලිසිය කියයි.