දෙහිවල-ගල්කිස්ස මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර බලය පිහිටුවීම හෙට


රංජන් කස්තුරි
 
දෙහිවල - ගල්කිස්ස මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන මහ නගර සභා තුනේ බලය පිහිටුවීමේ බල අරගලය හෙට (26) පැවැත්වේ.

 
එම නගර සභා තුනේ බහුතර බලය හිමිකර ගැනීමට කිසිදු පක්ෂයකට නොහැකි විය. ඒ අනුව ඡන්ද විමසීමක් පවත්වා නගරාධිපති, උපනගරාධිපති සභාපති හා උපසභාපති තනතුරු වලට පත් කර ගැනීමට නියමිතය.
 
එජාපය හා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ බලය පිහිටුවීමට දැඩි අරගලයක නියැලී සිටින අතර එක්සත් ජනතා නිදහස් සංධානය තීරක බලවේගය බවට පත්ව තිබේ.