දෙහිවල සතුන්වත්තේ අලි රැඟුම් අද (21) දින සිට අත්හිටුවන බව දෙහිවල සත්ව උද්‍යානයේ අතිරේක අධ්‍යක්ෂ (මෙහෙයුම්) දම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවාය.
අලින් සිවුදෙනකුට ක්ෂයරෝග විෂබීජය ආසාධනය වී ඇතැයි වෛද්‍ය පරීක්ෂණයක දී සොයා ගත් බවත්, දැන් ඒ සතුනට ප්‍රතිකාර කරන බවත් ඇය සඳහන් කළාය.

