දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ නේවාසික රෝගීන්ට උදෑසන ආහාරය රෝහලෙන් නොසැපයුණු බව ඇතැම් පිරිස් කියති. බේකරි වසා තිබූ බැවින් පාන් නොතිබීම මීට හේතුව බව ද ඔවුහු පවසති.
රෝහලේ වෛද්‍ය අධිකාරී දොස්තර සුසන්ත ගුණසිංහ මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
රෝහල් කාර්ය මණ්ඩලය රුපියල් දෙලක්ෂයක් පමණ වියදම් කර උදේ දහයේ සිට දවල් දෙක දක්වා අයිස්ක්‍රීම් දන්සලක් පැවැත්වූ බව ද ඔවුහු පවසති.
පොසොන් පෝදා උදේ සහ දවල් රෝහලට පරිත්‍යාගශීලීන්ගෙන් ආහාර ලැබුණු බවත් එහෙත් රෝහලෙන් උදේ ආහාරයේ අඩුපාඩු සැපයූ බවත් වෛද්‍යවරයා කීයේය.
‘‘මේ රෝහල පළාත් සභා රෝහලක්. අපිට අඩුපාඩු තිබෙනවා. නේවාසික රෝගීන්ට ආහාර පිළියෙල කරන්න ඉන්නේ එක්කෙනයි. සේවක ගැටළු විශාල වශයෙන් තිබෙනවා. රෝහලේ මුළුතැන්ගේ කෑම උයනවා. අඩුපාඩු තිබෙන දිනවල දී අපි පිටතින් කෑම සපයාගන්නවා. අයිස්ක්‍රීම් දන්සලක් දුන්නා. 20,000ක් දෙනා වෙනුවෙන් දෙන මේ අයිස්ක්‍රීම් දන්සල අපි වසර කිහිපයක් අඛණ්ඩව කරගෙන ආපු දෙයක්.“

