දෙහිඅත්තකණ්ඩිය ශ්‍රිලනිප පෙත්සම විසිවෙයි


(මනෝප්‍රිය ගුණසේකර)
 
දෙහිඅත්තකණ්කඩිය ප්‍රාදේශිය සභාව සඳහා ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව පවරා තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම  ප්‍රතික්ෂේප කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, සිසිර ද අබෘ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේ මෙම පෙත්මහ විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු නැති බව සඳහන් කරමිනි.