දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම ද්විත්ව ඝාතනය විදේශ රටක සිට මෙහෙයවූ දෙහිබාලා නැමැත්තාගේ මස්සිනා බව පොලිසිය කියයි.

එම සැකකරු ජංගම දුරකථන අලවිසලක හිමිකරුවකු බවද පොලිසිය කියයි.සැකකරු සමග වෙඩික්කරුවන් රැගෙන ගිය බව කියන සුඛෝභෝගී මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් මාර්තු මස 21 වෙනි දින සිදු වූ එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනකු අත්අඩංගුවට ගෙන එයින් 6 දෙනකු ප්‍රශ්න කර මුදාහැර තිබූූ අතර ඉතිරි පුද්ගලයන් 9 දෙනාගෙන් 6 කු බන්ධනාගාර ගත කර තිදෙනෙකු දින 90 ක ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි.

දෙහිබාලා නැමැත්තාගේ සහෝදරයා වසර කීපයකට ඉහතදී කාවාඩි පෙරහරක නර්තනයක යෙදි සිටියදී ඇති වූ පහර දීමක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර දිගින් දිගට සිදුවූ ආරවුලක ප්‍රතිඵලයක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වීය