(ඩයනා උදයංගනී)
දෙවුන්දර මුහුදේදී ඊයේ(10) ධීවර යාත‍්‍රාවක් නැවක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය ධීවරයින් දෙදෙනාගේ පවුල්වලට රුපියල් ලක්‍ෂ 10ක් බැගින් වන්දි මුදල් ලබාදීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එමෙන්ම රජයේ ප‍්‍රතිපාදන යටතේ එම දෙදෙනාගේ පවුල්වල දරුවන්ට අධ්‍යාපනික ශිෂ්‍යත්ව හා පවුලේ කටයුතු වෙනුවෙන් මාසික දීමනාවක් ලබාදීමටද පියවර ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මේ සඳහා පියවර ගන්නා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීර මහතාට අද (11) උපදෙස් දුන් බව එම අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
එම ධීවරයින් ධීවර රක්‍ෂණ ක‍්‍රමය යටතේ පුද්ගලික රක්‍ෂණාවරණ ලබාගෙන ඇත්නම් එම පවුල්වලට තවත් රුපියල් මිලියනයක් බැගින් වන්දි හිමිවනු ඇතැයිද එම ප‍්‍රකාශකයා කීය.

