දෙහිවල දාර්ශනිකාරාමයේ මහා භද්‍රකාලී දේවාලයේ ත්‍රිශූලය ඇතුළු දේවාභරණද පූජා කළ රන් අබරණද පිත්තල පහන් ඇතුළු භාණ්ඩ රැසක්ද සොරකම් කර ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.
පසුගිය 10 වැනිදා දේවාලය වැසූ පසු විවෘත කර ඇත්තේ සිකුරාදා බවත් සොරකම දැනගත්තේ ඉන්පසුව බවත් කියති.
භද්‍රකාලි මෑණියන්ට පූජා කළ රන් බඩුවල මිල නොදන්නා බවද කියති. යාබද පත්තිනි දේවාලයේ කවුළුවකින් සොරා භද්‍රකාලී දේවාලයට ඇතුළුවී ඇත.

