කෝට්ටේ දේවස්ථානයක පූජකවරයකුගේ කුටියෙන් දෙවරකදී රුපියල් 1,40,000ක්ද තවත් වරකදී ටෙලර් කාඩ්පතින් රුපියල් දෙලක්ෂයක්ද ගත් බව කියන ව්‍යාපාරික පුතෙක් මිරිහාන පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
මුලින්ම රුපියල් 90,000ක් අතුරුදන්වී ඇත. ඊළඟට රුපියල් 50,000ක්ද අතුරුදන්වී තිබේ. පොලිසියේ උපදෙස් මත සීසීටීවී කැමරා සවි කිරීමෙන් පසු සොරා අත් අඩංගුවට ගත හැකි විය. පූජකවරයාගේ කුටියේ ලාච්චුවල යතුරු තුනක්ද ඔහු ළඟ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

