(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මංගලෝත්සවයකට සහභාගී වීමෙන් පසු දෙවැනි මනමාලයා ඉංගිරිය හඳපාන්ගොඩ නිවසට මෝටර් රථයෙන් ඇරලවා ආපසු එමින් සිටිය දී පාදුක්ක අංගම්පිටියේ දී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් එහි සිටි දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. ඔවුන් හෝමාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 ක සහ 25 ක තරුණයෝ වෙති.

